චන්දිමාල්ගෙන් විශිෂ්ඨ ශතකයක්

සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වන දිනය නිමා වන විට කඩුළු 6ක් දැවී ලකුණු 431ක් ලබා ගෙන සිටියා.
ඒ ඔස්ට්‍රෙලියා කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 364ට පිළිතුරු වශයෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට වඩා මේ වන විට ලකුණු 67ක් ඉදිරියෙන් සිටිනවා.
මේ අතර දිනේෂ් චන්දිමාල් සිය දහතුන්වෙනි ටෙස්ට් ශතකය අද වාර්තා කිරීමට සමත් විය
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු දිනේෂ් චන්දිමාල් පන්දු 232ක දී ලකුණු 118ක් ලබාගෙන පිතිකරණයේ නියැලෙනවා.
හෙට තරගයේ සිව් වැනි දිනයයි.

