ගෝඨාභය ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් පුවත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍යය තුළ ප්රවෘත්ති සිරස්තලය බවට පත් වී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අද (11) පෙරවරුවේ තමන් පෙර සඳහන් කළ අයුරින් ජූලි මස 13 වැනිදින ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත්තේ.
මෙම පුවත පිළිගත් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා වන BBC, REUTERS,THE INDIAN EXPRESS, FRANCE 24 ආදියෙහි දවසෙහි ආසියාතික කලාපයෙන් වාර්තා වන උණුසුම් පුවත බවට පත් වී තිබෙනවා.
BBC මාධ්‍ය නාලිකාව වාර්තා කර ඇත්තේ ”President confirms resignation, PM’s office says” (ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම තහවුරු කරන බව අගමැති කාර්යාලය පවසයි) යනුවෙන්

REUTERS මාධ්‍ය නාලිකාව වාර්තා කර ඇත්තේ “Sri Lanka prime minister’s office confirms president to resign after protests”(විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා අගමැති කාර්යාලය තහවුරු කරයි) යනුවෙන්.

THE INDIAN EXPRESS මාධ්‍ය නාලිකාව වාර්තා කර ඇත්තේ ” President Rajapaksa to resign, PM confirms; Oppn meets to form new govt” (ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්වන බව අගමැති තහවුරු කරයි) යනුවෙන්

FRANCE 24 මාධ්‍ය නාලිකාව වාර්තා කර ඇත්තේ “Sri Lanka PM confirms president will resign as palace occupation continues”(මාලිගාව අත්පත් කර ගැනීම දිගටම පවතින බැවින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා අගමැති තහවුරු කරයි) යනුවෙන්


