ඩීසල් තොගයක් රැගත් බවුසරයක් හපුතලේදී අනතුරකට

ඩීසල් තොගයක් රැගත් බවුසරයක් හපුතලේදී අනතුරකට

ඩීසල් තොගයක් රැගත් බවුසරයක් අද (11) උදෑසන 6.30 ට පමණ හපුතලේ – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසළ දී අනතුරට ලක්ව තිබෙනවා.

ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ සිට ඩීසල් රැගෙන ආ බවුසරයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වංගු සහිත මාර්ගයේ බවුසරය පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති අතර, බවුසරයෙන් කාන්දු වූ ඩීසල් මේ වනවිට මාර්ගය පුරා ගලායමින් පවතින බවයි වාර්තාවන්නේ.

බවුසරයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.