සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි

සියලු ම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නිර්මාණය කිරීමට අවැසි ඉඩ සලසමින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ.
අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

