ලංකාවේ පුරවැසියන් අගමැති කාර්යාලයට ඇතුළුවීම විදෙස් මාධ්‍යයේ ප්‍රධාන පුවත වෙයි

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට (13) ඇති වී තිබෙන දේශපාලනික ව්‍යාකූලත්වය සහ එතුළින් නිර්මාණය වී ඇති සිවිල් වැසි අරගලය පිළිබඳ පුවත් ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් පුවත් මෙන්ම ප්‍රධාන පුවත බවට පත් වී තිබෙනවා.
ලෝක මාධ්‍යය නාලිකා තුළ ප්රමුඛ පෙළේ රූපවාහිනී මාධ්‍යයන් වන බී.බී.සී, සී.එන්.එන්, රොයිටර්ස්, අල්ජසීරා වැනි මාධ්‍ය නාලිකා විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සජීවීව ජාත්‍යන්තරයට පුවත් මුදා හැරීමට කටයුතු කර ඇති අයුරු දැකිය හැකියි.
අද පෙරවරුවේ දී මහජන අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ අතර, එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.
එහිදී පුරවැසි අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ දී එය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකය විසින් ජල ප්‍රහාර හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
මෙම තත්ත්වය පිළිබඳ BBC විසින් වාර්තා කර ඇත්තේ, Prime minister tells military to ‘restore order’ in Sri Lanka (ශ්‍රී ලංකාවේ සාමය යථා තත්ත්වයට පත් කරන්නැයි අගමැති හමුදාවට කියයි) යනුවෙන්

CNN මාධ්‍යය වාර්තා කර ඇත්තේ “Protesters storm Sri Lanka’s prime minister’s office, as president flees country without resigning” (ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවී රටින් පලා යන විට විරෝධතාකරුවන් ශ්‍රී ලංකාවේ අගමැති කාර්යාලයට කඩා වැදී ඇත) යනුවෙන්

Aljazeera මාධ්‍යය වාර්තා කර ඇත්තේ “Sri Lanka crisis live news: Protesters enter PM office” (ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන් අගමැති කාර්යාලයට ඇතුළු වෙති) යනුවෙන්

The Indian Express මාධ්‍යය වාර්තා කර ඇත්තේ “Sri Lanka crisis Live Updates: Protesters storm PM’s office; Gotabaya tells speaker he will resign today” (විරෝධතාකරුවන් අගමැති කාර්යාලයට පහර දෙයි,අද ඉල්ලා අස්වන බව ගෝඨාභය කතානායකට කියයි) යනුවෙන්

France 24 මාධ්‍යය වාර්තා කර ඇත්තේ “President flees Sri Lanka amid crisis as ire turns toward PM” (අර්බුද මධ්‍යයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් පලා යයි අගමැති දෙසට කෝපයක්) යනුවෙන්

කෙසේවෙතත් මෙරට තුළ පවතින රජයට එරෙහිව ඉදිරියට ආ ජන අරගලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ජාත්‍යන්තරයේ අවධානය යොමු වුණා.
මේ අතර අද දින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, තමන්ට මෙතෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී නොමැති වුවත්, ජනාධිපතිවරයා විසින් පෙර පැවසූ පරිදි අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට දූරකථනයෙන් තමන්ට අමතා දැනුම්දුන් බවයි.

