විරෝධතාවයට ගිය තරුණයෙක් හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට

විරෝධතාවයට ගිය තරුණයෙක් හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට එක්ව සිටි තරුණයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවයේදී කඳුළූ ගෑස් ප්‍රහාරයන්ට ලක්වූ ඇති අතර පසුව ඔහු රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ විරෝධතාවට ද එක්වී ඇතැයි සඳහන්.

එහිදී ඔහු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්.

26 හැවිරිදි ඔහු මහව දළදාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා ශ්වසන අපහසුතා ඇති අයෙක් බවයි.