අගමැති නම් කරන්න වැඩ බලන ජනපති කතානායකට දැනුම්දෙයි

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙසට වැඩබලන ජනාධිපති කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත දැනුම්දී තිබෙනවා.
පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ඊට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.
එ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙසටයි වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම්දී ඇත්තේ.

