ගෝඨාභයට සිංගප්පූරු යන්න මාලේ නුවර ගුවන් තොටුපළේ දැඩි ආරක්ෂාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශගත වීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මාලදිවයිනේ මාලේ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ආරක්ෂාව තර කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ජනාධිපතිවරයා මාලදිවයින් වේලාවෙන් 23.25ට මාලේ සිට පිටත්වීමට නියමිත ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යනු ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බව සඳහන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ නිල ලිපිය අද දිනය තුළ ලබාදෙන බවටයි ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්දී තිබුණේ.
අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

