මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක (ඡායාරූප)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළ කරමින් මාලදිවයිනේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවක් සිදුකර තිබෙනවා.
ඔවුන් මාලදිවයිනේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලිහ්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකාවට යවන ලෙසට ඔවුන් මෙම විරෝධතාවයෙන් ඉල්ලා සිටි බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම ගුවන් හමුදා යානයකින් දිවයිනෙන් පිටත්ව මාලදිවයින බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් හමුදාව පැවසුවේ රජය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි මීට පෙර කථානායකවරයා නිල වශයෙන් දැනුම් දී තිබුණේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අළුයම පිටව ගොස් ඇති ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින්.
ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනකු දිවයිනෙන් පිටව ගිය සෙසු පිරිසට අයත්.
ජනාධිපතිවරයා ඇතුළු පිරස මාලදිවයිනට පැමිණි බවට දර්ශන පෙළක් ද මේ වනවිට හුවමාරු වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලයද තහවුරු කළා.





