ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරඟ ඉසව්වෙන් යුපුන්ට පස් වැනි තැන

අමරිකාවේ දී ආරම්භ වූ 18 වැනි ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව නියෝජනය කරමින් ඊට එක් වූ යුපුන් අබේකෝන් හට එහි පස්වැනි ස්ථානය හිමිව තිබෙනවා.
යුපුන්ට එම තරගයේ දී 05 වැනි ස්ථානය හිමිවූයේ තරගය නිම කිරීමට ගත වූ කාලය තත්පර 10.19 කින් අවසන් කිරීම හේතුවෙන්.
මේ හේතුවෙන් යුපුන් හට මෙම තරගයේ අවසන් පූර්ව වටය අහිමි වූයේ තත්පර 0.04කින්.
කෙසේවෙතත් යුපුන් අබේකෝන් විසින් සිය තරග ප්‍රතිඵලය සම්බන්ධයෙන් මුහුණුපොතෙහි සටහනක් තබා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි බවත්, එහෙත් සිදු වූ කාර්යබහුලත්වය සහ විවිධ ගැටලු හේතුවෙන් එය අහිමි වූ බවයි.
තමන් කිසිසේත්ම මෙම ජයග්‍රහණය ගැන සතුටු නොවන බව ද යුපුන් එහි සඳහන් කර තිබෙනවා.
සැලසුම් කළ පරිදි කිසිවක් සාර්ථක නොවූ නිසා ඉදිරියේ දී මීට වඩා සවිස්තරාත්මකව විශේෂ පුහුණු අධ්‍යයනයක් සිදු කර කණ්ඩායම සමඟ එක්ව ක්‍රියා කිරීමට තමන් සූදානම් බව ද එම සටහනේ වැඩිදුරටත් සඳහන්.
තමන් කිසිදු ලෙසකින් පරාජයට හේතු හෝ නිදහසට කරුණු කියන්නෙකු නොවන බවත්, තමන්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් බලා සිටි සහ උදව් කළ සියලුදෙනාටම හදපිරි ගෞරවය සහ ස්තුතිය පුදකරන බවත් යුපුන් අබේකෝන් ප්‍රකාශ කර සිටිනවා.



