අරගලයට 100යි

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් තරුණ පිරිසක් විසින් ගාලු මුවදොර ආරම්භ කළ අරගලයට දින 100ක් ගතවනවා.
ඔවුන් මෙම අරගලය ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මස 09 වනදායි.
දින 100ක් සපිරෙන අද(17) දිනයෙත් එය සැමරීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
එසේම ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවද අරගලය වෙනත් දිශානතියකට යොමු කරමින් වෙනස්කම් රැසක් සිදුකර ජනතාව ඉල්ලා සිටින ”සිස්ටම් චේන්ජ්” කිරීමක් දක්වා රැගෙන යාබ බවයි අරගලකරුවන් පවසන්නේ.
මේ අතර අරගලය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයින් සිහිපත් කරමින් ඉටි පහන් දල්වා ඊයේ (16) රාත්‍රියේ සැමරුමක් ද පැවැත්විය.
ඒ, අරගලකරුවන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
දින 92 ක් සැපිරුණ මහනුවර ගෝඨාගෝගම පරිශ්‍රය ඊයේ (16) රනිලාගෝගම ලෙස නම් කෙරිණි.
ඔවුන් අවධාරණය කළේ, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වන තෙක් එය ක්‍රියාත්මක බවයි.
මේ අතර මාතර රෝහල ඉදිරිපිට ක්‍රියාත්මක ‘පැන්නුවාට ඉවර නැහැ’ අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි.





