රනිල් ඉවත් කරන්න අන්තරෙන් විරෝධතා මාලාවක්

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරවලින් වහා ඉවත් වන ලෙස බලකරමින්, විරෝධතා මාලාවක් පැවැත්වීමට තමා සූදානම් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (18) සහ හෙට (19) යන දිනයන්හි දී තම තම ප්‍රදේශවල දී වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරවලින් වහා ඉවත් වීමට බල කරමින් විරෝධතාවේ නිරත වන ලෙසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ, මුළු රට ම එකතු වී ජාතිය ම උද්ඝෝෂණ භූමියක් බවට පත්කිරීම නිසා බවයි ඔහු පෙන්වා දුන්නේ.
කෙසේ නමුත් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට දිනයේ දී මහා විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි.


