ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙයි

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීන් 14 දෙනා නව ජනාධිපති තෝරාගැනීමේ ඡන්දයේදී දෙකට බෙදී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
දැනටමත් රජය සමඟ එක්ව සිටින සුරේන් රාඝවන් හා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීන් දෙදෙනා පොහොට්ටුවේ තීරණය අනුව ක්‍රියා කරනු ඇතැයි වාර්තා වෙයි. ඒ අතර නිමල් සිරිපාල, මහින්ද අමරවීර, චාමර සම්පත් හා ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමට සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

