විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අගෝස්තු පළමු වනදා සිට එම ගාස්තු වැඩි වීම සිදුවන බවයි.
මේ අතර අමෙරිකාව, නෙදර්ලන්තය , ඊශ්රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා තිබේ.
තැපැල්පතිවරයා සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

