අරගලකරුවන්ට ලැබුණා කිව්ව කෝටි හතර හමාරේ කතාව බොරුවක් – සී.අයි.ඩීය

අරගලකරුවන්ට ලැබුණා කිව්ව කෝටි හතර හමාරේ කතාව බොරුවක් – සී.අයි.ඩීය

ගාලුමුවදොර අරගලකරුවන් සිවු දෙනෙකුට කෝටි හතර හමාරක මුදලක් ලැබුණු බවට පළ වූ චෝදනාව අසත්‍ය බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

කොළඹ ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරීව සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන යන තිදෙනා හට කොළඹ යූනියන් පෙදෙසේ පිහිටා ඇති රාජ්‍ය බැංකුවකට විදේශයක සිට මෙම මුදල ලැබුණු බවට යි චෝදනා එල්ල වුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ, මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් තිදෙනා හට විදේශයකින් එක් අයෙකුට රුපියල් මිලියන 15 බැගින් මිලියන 45ක මුදලක් යූනියන් පෙදෙසේ රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කරන ලද ගිණුමකට ලැබී ඇති බව යි.