අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඇරඹෙයි (LIVE)

අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඇරඹෙයි (LIVE)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.

ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් තුන් දෙනෙකු තරඟ වදිනවා.

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක හා ඩලස් අලහප්පෙරුම ඒ සඳහා තරඟ වැදීමට නියමිත යි.

ජනාධිපතිවරයාව රහස් ඡන්දයකිනුයි තෝරා ගැනෙන්නේ.

අද (20) පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ බාර ගනු ඇති.