ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් නිවේදනයක්

ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් නිවේදනයක්

ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම පෙන්වා දෙන්නේ, අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය ස්ථවරත්වය ප්‍රකාශ කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරනු ලබන ආයතනය වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංගමයයි.

මේ හේතුවෙන් ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය අළලා පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවක් නොමැති බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කිසිදු ආයතනයක් විරෝධය පළ කර නොමැති බවත්, මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්ෂණය අවලංගු වීමක් සිදු නොවන බවත් එම සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.