ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ගාලු මුවදොර ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

අද (22) අලුයම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධාකරුවන්ට පහර දී ඉවත්කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත් අතර එහිදී විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කැලණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව,නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 9 දෙනෙකි.

මේ අතර පහරදීම්වලින් 14 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණ.

අලුයම 1.30ට පමණ ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වූ පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන් සහ ඒ අවට ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගත්තේ ය.