ගෝඨාගෝගමේ දී හමුදාව BBC මාධ්‍යවේදීන්ටත් පහර දෙයි

අද (22) අලුයම ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර BBC මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බව BBC සිංහල පුවත් සේවය වාර්තා කරනවා.
එහිදී BBC වීඩියෝ මාධ්‍යවේදියෙකුට මෙසේ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් පහරදී ඇති බවත්, ඔහුගේ දුරකථනය උදුරා ගනිමින් විඩියෝගත කළ දර්ශන මකා දමා ඇති බවත් එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.



