ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු

ජාත්‍යන්තර මාධ්‍ය අද අලුයම් කාලයේදී ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ ඇතුළුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Forces raid anti-government protest camp” (රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ කඳවුරකට හමුදා වැටලීම්) යනුවෙන්

CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Sri Lankan troops tear down protest camp outside the President’s office” (ශ්‍රී ලංකා හමුදා ජනාධිපති කාර්යාලයෙන් පිටත පැවති විරෝධතා කඳවුර ඉරා දමයි) යනුවෙන්

Aljazeera පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Military raids Sri Lanka protest camps, leaders arrested” (ශ්‍රී ලංකාවේ විරෝධතා කඳවුරුවලට හමුදා වැටලීම්, නායකයින් අත්අඩංගුවට) යනුවෙන්

France 24 පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Sri Lankan security forces raid anti-government protest camp” (ශ්‍රී ලංකා ආරක්ෂක අංශ රාජ්‍ය විරෝධී විරෝධතා කඳවුරක් වටලයි) යනුවෙන්

Reuters පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Sri Lankan security forces raid protest camp as new leaders sworn in” (නව නායකයින් දිවුරුම් දීමත් සමඟ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විරෝධතා කඳවුරු වටලයි) යනුවෙන්

The Indian Express පුවත් සේවය වාර්තා කර ඇත්තේ “Sri Lankan forces raid anti-government protest camp as President Ranil Wickremesinghe takes office” (ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා හමුදා රජයට එරෙහි විරෝධතා කඳවුරක් වටලා තිබේ.) යනුවෙන්


