තෙල් අර්බුදයෙන් පොදු ප්‍රවාහන සේවා අදත් සීමාවෙයි

තෙල් අර්බුදයෙන් පොදු ප්‍රවාහන සේවා අදත් සීමාවෙයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (23) දිනයේත් පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඒ හේතුවෙන්, අදත් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනු දැකිය හැකියි.

මේ වනවිටත් බස් අපේක්ෂාවෙන් බොහෝ පිරිස් මග දෙපස රැඳී සිටී.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන නිසි පරිදි නොලැබීම හේතුවෙන් අද දිනයේත් බස් ධාවනය සීමාවන බවය.

මේ අතර, අද දිනයෙත් බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ,ඇණවුම් කළ ඉන්ධන තොග ද මේ වනවිට ලැබී ඇති බවයි.

අද දිනයෙත් සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.