අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS