ඇන්ජලෝගේ 100 වැනි ටෙස්ට් තරඟය පාකිස්ථානුවන්ට එරෙහිව අද

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (24) ආරම්භ වනවා.
එහි විශේෂත්වය වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ 100 වන ටෙස්ට් තරඟය මෙය වීමයි.
අද තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ දුනිත් වෙල්ලාලගේ අද ටෙස්ට් වරම් හිමිකර ගන්නා බවයි.

