ජෝසෆ් ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්

ජෝසෆ් ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (ජූලි 25) මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ජූලි 9 වන දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා පොදු දේපළවලට හානි කළේ යැයි යන චෝදනාව මත කොටුව පොලිසිය කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.