QR ක්‍රමවේදය කල්යයි

QR ක්‍රමවේදය කල්යයි

දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන අද (ජූලි 25) දිනයේ ක්‍රියාත්මක නොකෙරෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ මෘදුකාංගයේ යම් වෙනස්කම් සිදු කිරීමට ඇති බැවින් එය අද දිනයේදී ද නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.

මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තව ත් දින දෙකක් හෝ තුනක් ගත වනු ඇති බව අමාත්‍යංශය පැවසීය.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබුණේ, අදාළ වැඩසටහන අද (ජූලි 25) සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව ය.

COMMENTS