“ගෝඨාගෝගම” ඉදිරිපිට විරෝධතාවයක්

ජනාධිපති කාර්යාලය ආසන්නයේ ස්ථාපිත කර ඇති “ගෝඨාගෝගම” ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් විසිනුයි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.
ඔවුන් මාර්ගය දෙපස රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතවන අතර, මේ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය බාලදක්ෂ මාවත ආසන්නයෙන් වසා දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

