ධනුෂ්කට සහ ශානුකට ජනපති මාධ්‍ය අංශයේ ඉහළ පුටු

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා පත් කර තිබේ.
ධනුෂ්ක රාමනායක මීට පෙර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.
ඔහු මහරගම නගර සභාවේ ද මන්ත්‍රීවරයෙකි.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න පත් කර තිබෙනවා.
ශානුක කරුණාරත්න මීට පෙර හිරු නිවුස් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළා.

