QR ඉන්ධන කෝටාවේ වෙනසක් – ලැබෙන ඉන්ධන ප්රමාණයත් වැඩි වෙයි

ජාතික ඉන්ධන අවසර පත වැඩසටහන යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කරන කෝටාව ඉහළ දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, තම වාහනයට සතියකට ලැබෙන ඉන්ධන ප්රමාණය https://fuelpass.gov.lk/ වෙත පිවිස බලා ගත හැකි වේ.
එක් එක් වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්රමාණය පහතින් සඳහන් කර ඇත.


