බණ්ඩාරනායක පිළිරුව අසල රැඳීසිටි 4 දෙනෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩ කරමින් ගාලු මුවදොර බණ්ඩාරණායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් මේ වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශයකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ එම පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

