රුසියාව යුරෝපා රටවලට ගෑස් සැපයුම යළි නවතා දමයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් යුරෝපා රටවලට යළි ගෑස් සැපයුම නවතා දමන බව රුසියානු බලශක්ති දැවැන්තයා ලෙස හඳුන්වන ගෑස්පොරොම් ප්රකාශ කළා.
එම ආයතනය සඳහන් කළේ ගෑස් සපයන එක් නල මාර්ගයක ටර්බයිනයක් නැවැත්වීම හේතුවෙන් දෛනික ගෑස් නිෂ්පාදනය සියයට 20ක් අඩු කරන බවයි.
එය වර්තමාන සැපයුම් මට්ටම අඩකින් අඩු කිරීමක් බවද ඔවුන් ප්රකාශ කළා.
කෙසේ වෙතත් ජර්මනිය සඳහන් කළේ, මෙය තාක්ෂණ දෝෂයක් නොවන බවයි.
රුසියාව මෙවැනි ක්රියාමාර්ගවලට එළඹෙන්නේ සිතාමතා බවටයි ඔවුන් චෝදනා කළේ.
රුසියාවේ සිට ජර්මනියට ගෑස් රැගෙන යන නල මාර්ගය මෙම මාසයේ මුල දී දින 10ක නඩත්තු කටයුත්තක් සඳහා රුසියාව මීට පෙර වසා දැමුවා.

