ජනපති මන්දිරයේ මුදල් ගණන් කළ අයෙක් අත්අඩංගුවට

පසුගිය 9 වැනි දින කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ හුසේනියා වීදිය ප්රදේශයේදියි.
26 හැවිරිදි සැකකරු ද මැල් මාවත, කොළඹ 14 ප්රදේශයේ පදිංචි, කොළඹ හුසේනියා වීදියේ වෙළඳසැලක වෙළඳ සහයකයෙකු වශයෙන් සේවය කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු ජනාධිපති මන්දිරය තුළ තිබූ මුදල් ගණන් කරමින් සිටි කණ්ඩායමේ සාමාජිකයෙකු බවටද පොලීසිය සඳහන් කළා.


