නිදහස් මාධ්‍යවේදී වේරංග පුෂ්පිකව සිවිල් පිරිසක් විසින් පැහැර ගැනෙයි

නිදහස් මාධ්‍යවේදී වේරංග පුෂ්පිකව සිවිල් පිරිසක් විසින් පැහැර ගැනෙයි

නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ව සිවිල් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනව බව වාර්තා වනවා.

කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී වෙනත් ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැදී සිටිය දි යි ඔහු ව මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ.

මෙම පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පුදගලයන් 6 දෙනෙකු පැමිණ ඇති බවත් එම සිදුවීම නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් ඇසින් දැක ඇති බව ද සඳහන්.