මත්පැන් බෝතලයටත් මොබයිල් ඇප් එකක්

සියලුම මත්පැන්වල නිර්ව්යාජතාව හඳුනාගැනීමට ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරට අලෙවි කිරීමට අවසර ලබා දී ඇති සියලුම විදේශීය මත්පැන් අදාළ ජංගම දුරකථන මෘදුකාංගය සඳහා ඇතුලත් කෙරෙන අතර පසුව සියලුම මත්පැන්වල දත්ත ඇතුලත් කෙරෙනු ඇති.
එම ජංගම දුරකථන මෘදුකාංගය එළිදැක්වීම හා මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාක්ච්ඡාවක් අද පස්වරුවේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවැත්වෙනවා.

