හදිසි නීතිය සම්මත කරගන්න පාර්ලිමේන්තුව අද රැස්වෙයි

හදිසි නීතිය සම්මත කරගන්න පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10ට රැස්වෙනවා.

එහි දී හදිසි නීතිය පිළිබඳ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර, අනතුරුව එය, අනුමත කරගැනීමට නියමිත යි.

ජූලි 17 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් හිටපු ජනාධිපතිවරයා හදිසි නීතිය පනවනු ලැබුවා.

නෛතික ප්‍රතිපාදන අනුව ඊට, දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.

නොඑසේ නම් එය අවලංගු වනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුරයේ දිවුරුම්දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කළ වජිර අබේවර්ධන ද අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත යි.