ඇන්ජි හමුවීමට වසර 13ක් බලා සිටි ප්‍රේක්ෂිකාව

ඇන්ජි හමුවීමට වසර 13ක් බලා සිටි ප්‍රේක්ෂිකාව

සිය ක්‍රිකට් වීරයා වන ඇන්ජලෝ මැතිව්ස් හමුවන්නට බලාපොරොත්තු දල්වා සිටි ප්‍රේක්ෂිකාවකට වසර 13කට පසු එම අවස්ථාව උදාවුණේ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගයේදීයි.

රන්දි සමරදිවාකර වන ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ ආබාධයන් විටින් විට ගොදුරුවන මැතිව්ස් සුවකිරීමේ අරමුණින් තමන් මේවන විට භෞතචිකිත්සකවරියක වන්නට අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවත්, ඇයගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සක ලෙස සේවය කිරීමට බවත්ය.

මෙම සටහනින් අනතුරුව රන්දි හමුවන්නට පැමිණි මැතිව්ස් ඇයට සුබ පැතුම් එක්කර සැමරූ ජර්සියක් ද ලබා දෙන්නට කටයුතු කර තිබුණා.