හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට එළඹෙන අගෝස්තු පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමට තීරණය කළා.
ඒ රටත් ජනතාවත් බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී යි.
අදාළ පෙත්සම අද කැඳවූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන් ඉදිරියේ යි.
මීට අමතරව එම පෙත්සමේ සෙසු වග උත්තරකරුවන් වන හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 2 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පෙත්සම කැඳ වූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද (27) තීරණය කළා.

