එක් පුද්ගලයෙකුට හිමි ඉන්ධන කෝටාව සෑම ඉරිදාවකම යාවත්කාලීන කෙරේ

එක් පුද්ගලයෙකුට හිමි ඉන්ධන කෝටාව සෑම ඉරිදාවකම යාවත්කාලීන කෙරේ

එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දිනයේදී යාවත්කාලීන කිරීමට තීරණය කර තිබෙනවා.

රටට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පිළිබද සැළකිලිමත්වීමෙන් පසු නිකුත් කළ හැකි ඉන්ධන ප්‍රමාණය පිළිබද නිවේදනය කරන බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ.

යාවත්කාලීන කරන අවස්ථාවේදී රට තුළ ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය ද සැළකිලල්ට ගැනීමට නියමිතයි. මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළදපොලට නිකුත් කළ ද අද වන විට එය 3000 කට සීමා වී තිබෙනවා.

එසේම ඊයේ රාත්‍රී වන විට ජාතික ඉන්ධන බලපත්‍රක්‍රමයට වාහන මිලියන 4.25ක් ලියාපදිංචි වී තිබුණ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.