ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් තරඟ ජයක්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
තරගයේ පළමු ඉනිමේද කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර සමස්ත තරඟයේ ඔහු තමන් සතු කරගත් කඩුලු සංඛ්‍යාව 8කි.
රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවාගැනීමට සමත්වූ අතර පළමු ඉනිමේ ඔහු විසින් දවාගත් කඩුලු 5 සමඟ තරගයේ කඩුලු 9ක් දවාගැනීමට ඔහු සමත්වීමද විශේෂත්වයකි.
මේ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය කරා ඉදිරියට පැමිණ තිබේ.
පාකිස්තානය එහි 5වන ස්ථානයේ පසුවෙයි.

