තේ දලු මිල ඉහළට

තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති තුෂාර ප්‍රියදර්ශන පැවසුවේ මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.
මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල රුපියල් 100 ත් 130 ත් පැවති බව ඔහු පැවසීය.
එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
සභාපතිවරයා පැවසුවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවයි.

