“මහජන පෙළගැස්ම” නමින් අලුත් සම්මුතියක්

“මහජන පෙළගැස්ම” නමින් අලුත් සම්මුතියක්

අරගලකරුවන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් එක්ව “මහජන පෙළගැස්ම” නමින් වූ සම්මුතියකට එළැඹීම අද සිදුකෙරුණා.

ඒ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණගාරයේදීයි.

මේ අතර, ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලකට භාවිත කළ බවට චෝදනා එල්ලවූ සමගි ජනබලවේගයේ හිටපු වරාය වෘත්තීය සමිති නායකයෙකු වන උදේනි කළුතන්ත්‍රි ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.