නීතිඥ සංගමය නිකුත් කළ සියලුම ලිපි හා ප්‍රකාශනවලට විධායක කමිටු අනුමැතිය

නීතිඥ සංගමය නිකුත් කළ සියලුම ලිපි හා ප්‍රකාශනවලට විධායක කමිටු අනුමැතිය

ජුලි මාසය පුරාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා නීතිඥ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ ඊයේ (30) නීතිඥ සභාව රැස් වූ අවස්ථාවේ දී යි.

ඒ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

අදාල ට්විටර් පණිවිඩය මගින් ඔහු කියා සිටියේ, “නීතිඥ සභාව යනු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හි ඉහළ ම ආයතනයයි. සියලු ම ශාඛා සංගම්වලින් නීතිඥ කවුන්සිලයේ නියෝජිතයන් නම් කරනු ලැබේ. අද(30) පැවති රැස්වීමේදී 2022 ජූලි මාසය තුළ විධායක කමිටුව විසින් නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා නීතිඥ මණ්ඩලය ඒකමතිකව අනුමත කරන ලදී.” යනුවෙන්.

නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්,