පාපැදි ධාවකයාට සිහිය නැතිවුණ බිහිසුණු අනතුර

පාපැදි ධාවකයාට සිහිය නැතිවුණ බිහිසුණු අනතුර

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයක් අතරතුර දී බිහිසුණු අනතුරක් වාර්තා වුණා.

මෙම අනතුර සිදු වූයේ පාපැදි තරගාවලියේ පිරිමි කීරින් ඉසව්ව අතරතුර වන අතර, පැයට කිලෝමීටර 70 ක වේගයෙන් ධාවනය කළ එංගලන්ත ක්‍රීඩක ජෝ ටෲමන් ඇතුළු තරගකරුවන් එකිනෙකට ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදු ව තිබෙනවා.

අනතුර හේතුවෙන් ජෝ ටෲමන්ගේ උරස් අස්ථිය බිඳී ඇති අතර ඔහුව රෝද පුටුවක් ආධාරයෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනත්, ඊට මත්තෙන් ඔහුට ඔක්සිජන් ලබා දීමටට සෞඛ්‍ය අංශ කටයුතු කෙරුණා.

ක්‍රීඩකයා මද වේලාවක් සිහි සුන්ව ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සියෙන් ඔහුට නැවත සිහිය පැමිණි පසු රැස්ව සිටි ප්‍රේක්ෂකයන් ජෝ ටෲමන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අත්පොළසන් දුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://bit.ly/3BsG7uQ