වැල්ලවත්තේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

වැල්ලවත්ත විවේකානන්ද පාරේදී අද අලුයම පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51 හැවිරිදි කොටහේන ප්රදේශයේ ම පදිංචිකරුවෙක්.
ඝාතකයින් පලා ගොස් ඇති අතර, ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

