දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්

දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්

දකුණු පළාතේ දිගින් දිගටම සිදුවන වෙඩි තැබීම්වලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් බවට අනාවරණ වී තිබෙනවා.

දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ජාවාරම්කරුවන් අතර මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවටයි.

කෙසේ වෙතත් ඔවුන්ට ගිනිඅවි ලැබුණේ කෙසේද සහ මෙම ජාවාරම් හා අපරාධ මෙහෙයවන පුද්ගලයින් කවුරුන් ද යන්න පිළිබඳව තොරතුරු අනාවරණ කරගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

දකුණු පළාතේ සිදු වූ වෙඩි තැබීම්වලින් පසුගිය සතියේදී පමණක් හතර දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

ඊයේ දිනයේත් වෙඩි තැබීම් සිද්ධීන් වාර්තා වුණා.