නිරිතදිග මෝසම් තවදුරටත් සක්‍රීයයි

නිරිතදිග මෝසම් තවදුරටත් සක්‍රීයයි

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ද ඇති වනු ඇති.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ‍යට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වෙන්නේ

COMMENTS