මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර විථි සංචාරය කෙරේ (වීඩියෝ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළා.
ඊයේ ඇරඹුනු පෙරහැර මංගල්‍යය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනවා.
මෙවර මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම කරවන්නට වාසනාව උදාකරගත්තේ සිංහරාජා හස්තියා, දෑල ගමන් කරේ මියන්රාජා සහ බුරුමරාජා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 6.01ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කළා.
මේ අතර මහ වැසි නොතකමින් විශාල ජනතාවක් මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණ තිබීම විශේෂත්වයක් වුණා
අද (03) දෙවන කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

