අදත් වැස්ස දෙයි වැඩේ

අදත් වැස්ස දෙයි වැඩේ

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති වනු ඇති.

උතුරු සහ උතුරු-මැද පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට සුළගේ වේගය පැ‍යට කිලෝ මීටර් 60 පමණ දක්වා වැඩි විය හැකි අතර, උතුරු, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බව යි කාලගුණ විද්‍යා දෙපා‍ර්තමේන්තුව නිවේදනය කරන්නේ.

COMMENTS