තෙල් ඉල්ලා නැවතුණු බස් යළි වැඩ

ප්රමාණවත් ඉන්ධන නොලැබෙන බවට පවසමින් පෞද්ගලික බස් හිමියන් පිරිසක් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ ප්රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට බලධාරීන්ගෙන් ලැබුණු එකගතාවක් මත බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියාසිටියේ.
ප්රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෞද්ගලික බස් සංගම් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවට පත් වුණා.
මේ අතර ඩීසල් මිල පහල යාම හේතුවෙන් අඩු කළ බස් ගාස්තුව ද අද සිට ක්රියාත්මකයි.
11.14% කින් අඩු කළ බස් ගාස්තුව අද සිට ක්රියාත්මකයි.
මෙතෙක් රුපියල් 38ක් වූ අවම බස් ගාස්තුව ද අද සිට රුපියල් 34ක් දක්වා අඩු කෙරෙනවා.

