ඇසළ පෙරහරේ අලි ඇතුන්ට වෛද්‍ය සායනයක් (Photos)

ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වන අලි ඇතුන් සදහා විශේෂ වෛද්‍ය සායනයක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ සහභාගිත්වයෙන්.
අලි ඇතුන්ට පවතින විවිධ රෝග, තුවාල, ආසාත්මිකතා සහ නිදන්ගත රෝග සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එමෙන්ම පවතින වැසි තත්ත්වය හේතුවෙන් අලි ඇතුන්ගේ පාද ආශ්‍රීතව හටගත හැකි රෝගාබාධ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල සදහන් කළේ.
මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර හෙට වීථී සංචාරය කිරීමට නියමිතයි.





