රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6ක් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6ක් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6 ක මුදලක් වංචා කළ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකාරිය බැංකුව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටිමිනුයි මෙම මුදල් වංචාව සිදුකර තිබෙන්නේ. පෞද්ගලික ණයගොනු 48 කින් රුපියල් හයකෝටි අසූතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

මෙම වංචාවට අනුබල දුන් සැකකාරියක කොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර ඇය බියන්වල කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම රාජ්‍ය බැංකුවේ අභ්‍යන්තර විගණන නිලධාරිනිය ලෙස කටයුතු කළ මුදල් වංචාවේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගත් තැනැත්තිය මේ වනවිට මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට පත් සැකකාරිය අදාළ බැංකුවේ ණය අංශයේ සේවය කර දැනට විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරීවරියක් බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.